5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලසීමාවේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් වැළකී සිටින ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

එළඹෙන 15 වන ඉරු දින උදෑසන 9.30 ත් දහවල් 12.15 ත් අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත්තේ.

ඒ අනුව එම කාලසීමාවේදී මැතිවරණ ප්‍රචාරණ රැස්වීම්, පෙළපාලී සහ විභාග මධ්‍යස්ථාන අසල පවත්වනු ලබන සියළුම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් ඉවත් වන ලෙසටයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content