ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

සිදුහත් කුමරු මවු කුස පිළිසිඳ ගැනීම මෙන්ම ගිහි ගෙයින් නික්මයාම සිදුවුණේ අද වැනි ඇසළ පුන්පොහෝ දිනකයි.

එමෙන්ම බුද්ධත්වයෙන් පසු බුදුන් වහන්සේ ප්‍රථම වරට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම ද අද වැනි පොහොය දිනකදී සිදුවුණා.

ප්‍රථම ධර්ම සංගායනාව,කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පැමිනීම, යමා මහා පෙළහරපෑම, භික්ෂූන් වහන්සේ පෙරවස් එළඹීම යනාදී වැදගත් සිදුවීම් රැසක් සිදු වුයේ ද ඇසළ පෝය දිනකදියි.

 

WhatsApp Group

Skip to content