දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ යෝග්‍යතා සහතික නොපමාව ලබා ගන්නා ලෙසට මැතිවරණ කොමිසම දන්වා තිබෙනවා.

යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍රය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ ැකැජඑසදබගටදඩගකන වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

එමෙන්ම අදාළ ඉල්ලුම් පත්‍රය පිරවීමෙන් අනතුරුව එය ග්‍රාම නිලධාරී මගින් සහතික කිරීමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කර ඡන්ද හිමියාගේ යෝග්‍යතාවය සටහන් කරගත යුතු වනවා.

WhatsApp Group

Skip to content