මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාලව සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබෙන ලේඛන, නඩුව වෙනුවෙන්ම සකස්කර ඉදිරිපත් කර තිබෙන ව්‍යාජ ලේඛන බවත්, එම ලේඛන පිළිනොගන්නා ලෙසත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු පක්ෂයෙන් නෙරපීමට අදාලව නඩුව ගොනුකරන ලද අවස්ථාවේදී සමගි ජන බලවේගය විසින් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා ප්‍රකාශයට අදාල ලේඛන සහ මෝසම මගින් ඉදිරිපත් කරන ලද ලේඛන අතර පරස්පරතාවයක් පවතින බවද ජනාධිපති නීතිඥවරයා එහිදි අධිකරණයට දැනුම් දුන්නා.

ඇමතිවරුන් දෙදෙනා ඉවත් කිරීමට අදාල රැස්වීම් වාර්තාවක් සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම වාර්තාව නඩුව ඉලක්ක කරගෙන පසුව සකස් කර ඉදිරිපත් කර තිබෙන බවද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

එනිසා මෙම ලේඛන පිළිනොගන්නා ලෙසට වන නියෝගයක් නිකුත් කරන ලෙයසි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එය සලකා බලා තීරණයක් ලබාදෙන බවද අධිකරණය දැනුම් දුන්නා.

මේ අතර නීති විශාරදයන් පෙන්වා දෙන්නේ සමගි ජන බලවේගය එලෙස ව්‍යාජ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු කර ඇත්නම් එමගින් අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තක් මතුවන බවයි.

WhatsApp Group

Skip to content