මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 21ක දකුණු ආසියාවේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම ජාත්‍යන්තර ප්‍රදර්ශනය ලෙසින් ක්‍රියාත්මක “Industry EXPO 2024” කර්මාන්ත ප්‍රදර්ශනය ජූනි මස 19 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ.

කර්මාන්ත අමාත්‍යංශය, ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හා එක්ව පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනයට මෙවර ප්‍රදර්ශන කුටි 1300කට අධික ප්‍රමාණයක් අන්තර්ගත වෙයි. නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවංගයන් “Industry EXPO 2024” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේදී දැකගත හැකි වන අතර නවොත්පාදනයන් සඳහා වෙනම පරිශ්‍රයක්ද මෙහි අන්තර්ගත කොට තිබේ. එමෙන්ම විදේශිය ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය හා එක්වීමට සැලසුම් කර ඇත.

ප්‍රදර්ශනයට සමගාමීව දේශිය වාහන එකලස් කිරීමේ ආයතනවල සහභාගිත්වයෙන් ජාතික රථවාහන පෙරහැරක්, තිරසර හරිත කර්මාන්ත සංස්කෘතියක් උදෙසා ජාත්‍යනත්ර සමුළුවක් මෙන්ම ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක විවිධ වැඩසටහන් ඇතුළු අංග අන්තර්ගත වේ.

ප්‍රදර්ශනය 23 වන දා දක්වා දින 5ක් පුරා පැවැත්වීමට නියමිත අතර 0778037569 දුරකතනය ඔස්සේ ව්‍යවසායකයින්ට ප්‍රදර්ශන කුටි වෙන් කරවා ගැනීමේ හැකියාව ඇත.

WhatsApp Group

Skip to content