ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළකගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

ඔවුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව සදහන්.

ඔවුන් වයස අවුරුදු 70 ත් 80ත් අතර පසුවන ඩොයින් කැස්ප්ර්ස් සහ මාර්ලීන් කැස්පර්ස් ලෙස හදුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මෙම මරණ සැකකටයුතු නොවන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මියගොස් ඇති යුවළ එම ප්‍රදේශයේ වසර 25 ක පමණ කාලයක් සිට ජීවත්ව ඇති බව සදහන්.

එමෙන්ම ඩොයින් කැස්ප්ර්ස් ඔස්ට්‍රේලියාවේ වාර්ගික ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරන බර්ගර් සංවිධානයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කළ පුද්ගලයෙක් වනවා.

 

WhatsApp Group

Skip to content