ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ඉතාලියේ රැකියා අවස්ථා හිමිකරදීමේ අරමුණින් සංක්‍රමණික සේවක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා..
ඒ සඳහා ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට විදේශ රැකියා අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාව වෙත ඉතාලියේ සංචාරකයින් වැඩි වශයෙන් යොමුකර කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ද එරට එකගතාවය පළ කර ඇති බවයි වාර්තාවන්නේ.
මෙරට ආර්ථිකයට සංචාරක ක්ෂේත්රය මූලික දායකත්වය ලබාදෙන අතර ඒ හේතුවෙන් එම ක්ෂේත්රය සංවර්ධනය සදහා දායකත්වය ලබාදෙන බවයි ඉතාලි රජය ප්‍රකාශ කර ඇත්තේ.