ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම හේතුවෙන් එලෙස මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවයි මහලේකම්වරිය දැනුම් දී ඇත්තේ.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා විසින් ඒ සදහා සුදුසු අපේක්ෂකයාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට නියමිතයි.

එලෙස මීළඟට පත්වන මන්ත්‍රීවරයා නම් කළ පසු ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.

WhatsApp Group

Skip to content