වත්මන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාවෙන් සිවු දෙනෙකු ඉල්ලා අස් වී තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ලේකම් ඉන්දික තේනුවර මහතා, උප සභාපතිවරුන් වන සී.දීපිකා කුමාරි, සමන් දිල්හාන් සහ එම සම්මේලනයේ භාණ්ඩාගාරික ටී.සුදාකර් මහතා ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාපන්දු සම්මේලනයේ සභාපති ශ්‍රී රංගා මහතාට යොමු කර ඇති බව සදහන්.

පසුගිය ජනවාරි 14 වනදා පැවැත් වූ නිලවරණයෙන් පත් වූ විධායක සභාවේ බහුතරයක් ඉල්ලා අස්වීම හේතුවෙන් පාපන්දු සම්මේලනය පවත්වාගෙන යාමේ අවධානමක් පවත්වාගෙන තිබෙනවා.

මේ අතර ජනවාරි 21 වන දා සිට ජාත්‍යන්තර පාපන්දු සම්මේලන විසින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග තහනමක් ද පනවනු ලැබුවා.

WhatsApp Group

Skip to content