සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

තෙවැනි දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 132ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 563ක් ලබා සිටියා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166ක්.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 397ක් ඉදිරියෙන් පසුවනවා.

මේ අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ, පාකිස්තානය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

පාකිස්තාන පළමු ඉනිමේ 81 වැනි පන්දුවාරයේ දී අසිත විසින් සවුද් ශකීල් දවා ගැනීමෙන් පසුව කඩුලු සැමරුම ආවේගශීලී අයුරින් සිදු කිරීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

එහිදී ඔහු විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ වගන්තියක් උල්ලංඝනය කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඒ අනුව ඔහුගේ විනය වාර්තාවට එක් දඩුවම් ලකුණක් ද පැනවීමට අයි.සී.සීය කටයුතු කර තිබෙනවා. අසිත ප්‍රනාන්දු විසින් සිය වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

WhatsApp Group

Skip to content