ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ඊයේ සිට සිය ධුරයේ වැඩ ආරම්භ කරනු ලැබුවා .

පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවයි එහිදී ඔහු සඳහන් කළේ.

ඡන්ද විමසීමකින් තොරව 2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා වශයෙන්

ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පසුගියදා තේරී පත් වුණා .

ඒ,ඔහු පමණක් අදාළ තනතුර සඳහා නාමයෝජනා භාරදී තිබීම හේතුවෙන් .

මේ අතර ඊයේ දිනයේදී නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් 13දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා වන නිලවරණය ද පැවැත්වුනා .

ඒ ,කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී .

එම අවස්ථාවට නීතීඥ සංගමයේ මීට පෙර සභාපතිධුරය හෙබවූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද එක්ව සිටියා .

ඉන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 49 වැනි සමුළුව ආරම්භ වුණා .

WhatsApp Group

Skip to content