ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සදහා අද පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

දයාසිරි ජයසේකර මහතා පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමත් සමග පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූ අතර මෙම ගැටලු විසදා ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු බවට පක්ෂ සාමාජිකයන්ට දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම මෙහිදී ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයක් සදහා මුහුණ දීමේ ක්‍රියාමාර්ග පිළිබදවද සාකච්ඡා කිරීමට නියමිතයි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නම් කරනු ලබන්නේ නැවතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පමණක් බව කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් එම පක්ෂයේ ජේ්‍යෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2023/09/ROHANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content