තායිවානයේ , තායිපේ නුවර පැවැත්වීමට නියමිත 14 වන ” සිටි කප් “ ජාත්‍යන්තර යොවුන් බොක්සිං තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම දිවයිනෙන් පිටව ගියා..

ලෝකයේ ආරාධිත රටවල් 08 ක සහභාගීත්වයෙන් පවත්වන මෙම ජාත්‍යන්තර බොක්සිං තරඟාවලිය අද සිට 26 දින දක්වා තායිවානයේ තායිපේ නුවර පැවැත්වීමටයි නියමිතව ඇත්තේ .

ෙශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් මෙරට බොක්සිං ක්‍රීඩාවේ නිරත පාසැල් 06 කින් තෝරා ගත් ක්‍රීඩකයින් 06 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content