අයර්ලන්ත කාන්තා කන්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුළු 07 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා .

ඊයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තීරණය කලේ පළමුව පන්දු රැකීමටයි .

ඒ අනුව පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කල ලකුනු සංඛ්‍යාව 145 ක් .
එහිදී ඉනෝශි ප්‍රියදර්ශනී ලකුනු 35 කට කඩුලු 2 ක් දවා ගත්තා .

උදේශිකා ප්‍රබෝදනී සහ සුගන්දිකා කුමාරි එක් කඩුල්ල බැගින් දවා ගනීමටයි සමත් වුනේ .

අනතුරුව ලකුනු 146 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම පන්දුවාර 16 යි පන්දු 04 ක් අවසානයේ කඩුලු 03 ක් පමනක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කලා .

එහිදී හර්ශිතා සමරවික්‍රම නොදැවී පන්දු 45 කින් රැස් කල ලකුනු සංඛ්‍යාව 86 ක්.

තරගයේ වීරයා සම්මානයද හර්ශිතා සමරවික්‍රමට හිමි වුනා.

WhatsApp Group

Skip to content