ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.

දිගින් දිගටම සිදු වන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ බලධාරීන්ට විරුද්ධ ව පාර්ශ්ව කිහිපයකින්ම මේ වන විට විවේචන එල්ල වෙමින් පවතිනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු බවට ක්‍රීඩාලෝලින්ගෙන් චෝදනා එල්ල වනවා.

මේ හේතුවෙන් ඊයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවනු ලැබුවා.

එමෙන්ම මේවන විට පාර්ශව කිහිපයක් විසින් විරෝධතා සංවිධානය කර තිබෙන අතර මේ හේතුවෙන් අදත් ක්‍රිකට් ආයතනයට ආරක්ෂාව ලබා දී තිබෙනවා.

https://www.vnews.lk/storage/2023/11/CRIKAT-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content