ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වුණා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් රෙඩ් සහ ග්‍රීන් කණ්ඩායම අතරයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් රෙඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 212ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ග්‍රිීන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 174ක් පමණයි.

ඒ අනුව එම තරගය ලකුණු 38කින් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ග්‍රීන් කණ්ඩායම සමත් වුණා.

WhatsApp Group

Skip to content