ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට ඒරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතභේදයට තුඩුදුන් නඩුවෙන් අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගලේපොල මහතාද ඉවත්ව තිබෙනවා.

අදාළ නඩුවෙන් පළමුවෙන්ම අද (14) ඉවත් වූයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතායි.

සභාපති විනිසුරුවරයා එලෙස ඉවත්වීමෙන් පසුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් මාරු කරනු ලැබුවා.

එලෙස මාරු කළ අවස්ථාවේදී විනිසුරු ධම්මික ගනේපොල මහතාද පෞද්ගලික හේතුවක් සඳහන් කරමින් පෙත්සම් විභාගයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content