ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා .

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව සඳහන් කළා .

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය 11 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි .

ඒ අනුව ඊට අදාළ සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය එළඹෙන 24 වනදා පැවැත්වීමට නියමිතයි .

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ලබන 22 සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටයි .

මේ අනුව ලබන 25 වැනි සිකුරාදා හැර අනෙකුත් දිනයන්හිදී පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා .

WhatsApp Group

Skip to content