දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතු`ඵ නිලධාරි මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

මේ අතර අදාළ විවාදය අතරතුරදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළා.

එහිදි ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරින් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2 ක මුදලක් මේ මොහොතේ ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

එමෙන්ම අදාළ ප්‍රකාශයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ බලධාරින්ගෙන් එක් අයෙකු මේ වන විටත් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/11/ROSHAN-RANASINHA-EDIT.mp3?_=1

මේ සදහා අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පක්ෂ භේදයකින් තොරව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව කඩිනමින් දැනුවත් කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-PREMADASA-EDIT.mp3?_=2

මේ, අදාළ විවාදයට එක් වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා.

https://www.vnews.lk/storage/2023/11/NIMAL-SIRIPALA-EDIT.mp3?_=3

මේ අතර අද දින පැවැත්වෙන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට වන විවාදයට එක්වෙමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හටගෙන ඇති ගැටලුව අද ඊයේ හටගත්තක් නොවන බවයි.

https://www.vnews.lk/storage/2023/11/VIGITHA-HERATH-EDIT.mp3?_=4

අදාළ විවාදයෙන් අනතුරුව ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 5.30 ට පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content