ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද පැවති තෙවනි සහ අවසන් 20 යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක ජයක් ලැබීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිල ලකුණු 141 ක ජයග්‍රාහි ඉලක්කයක් පන්දු වාර 14 කදී කිසිවෙකු නොදැවි රැස් කිරීමට සමත් වී තිබෙනවා.

එහිදි චමරි අතපත්තු පන්දු 47 කදී 4 පහර 13 ක් සහ 6 පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 80 ක් රැස් කිරීමට සමත් වුණා.

හර්ෂිතා මාධවි පන්දු 40 කදී 4 පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 47 ක් රැස් කළා.

නවසීලන්තය මෙම තරගාවලියේ පළමු තරග 2 ජය ගැනීම හේතුවෙන් 2 ට 1 ක් ලෙස තරගාවලිය ජයගනු ලැබුවා.

WhatsApp Group

Skip to content