සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 05ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය එංගලන්ත කාන්තා කණ්ඩායම ජයගත් අතර, දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට කටයුතු කෙරුණා.

ඒ අනුව තරගාවලියේ එකට බිංදුවක් ලෙස එංගලන්ත කාන්තා කණ්ඩාම මේ වන විට පෙරමුණේ පසුවනවා.

WhatsApp Group

Skip to content