2024 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන පුහුණු තරගයට සහබාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ජයගෙන තිබෙනවා.

ඒ ස්කොට්ලන්තය කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්

මෙම තරගය ඩුබායි සවනෙස් ක්‍රීඩාන්ගනයේදී දී පැවැති අතර මෙම තරගයෙන් කඩුලු 5 ක ජයග්‍රහණයක් ලබා ගැනීමටයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනේ
කාසියේ වාසිය දිනු ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තීරණය කලද ප්‍රබල ශ්‍රී ලංකා පන්දු යවන බලඇණිය ඉදිරියේදී ඔවුන් දුර්වල වුනා.

එම හේතුවෙන් ඔවුන්ගේ ඉනිම ලකුණු 58කට සීමා වුනා

ඔවුන්ගේ ඉනිමේ දී පළමු පන්දු වාරයේ දී එක් ලකුණකට කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර .එම ඉනිමේ හොඳම කඩුලු අතර සබඳතාව බවට පත් වුයේ 5 වැනි කඩුල්ලට සරා බ්‍රයිසි සහ ඩර්කි කාටර් එක් ව පන්දු 37ක දී එක් කළ ලකුණු 16යි.

කඩුලු දවා ගැනීමේ දී උදේශිකා ප්‍රබෝධනි ලකුණු 3කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කල අතර සචිනි නිසංසලා ද කඩුලු 2ක් දවා ගත්තා

WhatsApp Group

Skip to content