ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය එළඹෙන සිකුරාදා දින සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාවට මේ අනුව හිමි වනු ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content