ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ චීස් නිෂ්පාදනයට සහ ඔලිව් වගා කිරීමට ඇති හැකියාව සොයා බැලීම මෙහි අරමුණයි.

ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ලෙස ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් මෙරට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලීමක් කර තිබුණා.

ඒ ඉතාලියේ පැවැත්වෙන ජගත් කෘෂිකර්ම සංවිධානයේ 19 වන සැසිවාරයට සහභාගි වීමට ගිය අතරතුරයි.

මේ අතර ඔලිව් වගාවට අවශ්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශ ද ශ්‍රී ලංකාව තුළ පවතින බැවින් ඒ සදහා සහාය වන්නේ නම් ඊට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන බවයි මහින්ද අමරවීර මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

 

 

 

 

 

 

 

 

 

WhatsApp Group

Skip to content