සීතාවක සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ඉකුත් 21දා ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයකදී නම් කෙරුණි.
අප්රකට සංචාරක සංධිස්ථාන සඳහා දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය යොමු කරවීම මෙහි අරමුණයි.
එයට අමතරව සීතාවක ප්රදේශයේ කිතුල් කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්තයන් සංචාරක ක්ෂේත්රය සමගම වැඩි දියුණු කිරීමටද බලාපොරොත්තු වන අතර ආයුර්වේදමය වශයෙන් වැදගත් වන පරිසර පද්ධතියක් පවතින සීතාවක කලාපයේ වටිනාකම හඳුනාගනිමින් ඖෂධ නිෂ්පාදනය සහ ප්රතිකාර ක්රම සඳහා මධ්යස්ථාන ඇති කිරීමටද අපේක්ෂිතය.
පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඕස්ට්රේලියානු නවසීලන්ත සහ ආසියානු සබැදි සමුළුවට සහභාගී වූ තෙත්බිම් නියෝජිතයන් සීතාවක ඔඩිසි දුම්රියෙන් සීතාවක ප්රදේශයේ සංචාරයකට පසුගියදා එක්වූ අතර එහිදී කලටුවාව ජල පිරිපහදු මධ්යස්ථානය, සීතාවක උද්භිද උද්යානය ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් විය.
සංචාරය අතරතුර ඔවුන් පවසා සිටියේ සංචාරය කිරීම සඳහා ශ්රී ලංකාව කදිම තෝතැන්නක් බවයි.

WhatsApp Group

Skip to content