ශ්‍රී ලංකාව, රුසියානු රජය සමග රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. බී. එස්. සී. නෝනිස් මහතා සහ රුසියානු ෆෙඩරල් රේගු සේවයේ ප්‍රධානී වී. අයි.පිකලොව් මහතා, රුසියාවේ මොස්කව් නුවර දී මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබුවා.

ද්විපාර්ශවීය වෙළෙඳ ගනුදෙනුවලදී රේගු කටයුතු නීත්‍යානුකූලව සහ විධිමත්ව පවත්වා ගෙන යාම සදහා මෙන්ම දෙරට අතර වෙළෙඳාම වර්ධනය කර ගැනීම අරමුණු කරගනිමින් මෙම ගිවිසුම අත්සන් තබා තිබෙනවා.

WhatsApp Group

Skip to content