එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහභාගි වන තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමගයි. ලක්නව් හිදී පැවැත්වෙන තරගය අද පෙරවරු 10.30ට ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දුවන ක්‍රිඩක මතීෂ පතිරණට අද තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහුගේ උරහිසේ මතුව තිබෙන ආබාදය තවමත් සුව වී නොමැති බවයි වාර්තා වන්නේ.  අද තරගය පිළිබද ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නිවාස් නවීඩ් මහතා මෙලෙස මාධ්‍යට අදහස් පකළා.

https://www.vnews.lk/storage/2023/10/NAWAS-EDIT.mp3?_=1

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා තරග තුනකට සහභාගි වී ඇති අතර එම තරග තුනම පරාජයට පත්වුණා.

නෙදර්ලන්තය තරගාවලියේ මේ දක්වා තරග 03කට ක්‍රිඩා කර ඇති අතර ඔවුන් දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එරෙහි තරගය පමණක් ජයගෙන තිබෙනවා.

මේ අතර 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගවලියේ ඔස්ටේ්‍රලියාව හා පාකිස්තානය අතර පැවති තරගයෙන් ලකුණු 62ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියාව සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ්‍රලියාව, පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 367ක් රැස් කළා.

පිළිතුරු ඉනිම සඳහා පාකිස්තානයට සියල්ලන් දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 305ක් පමණයි.

WhatsApp Group

Skip to content