සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හතක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සත්කාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(09) සමත් වූවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දු රැකීමටයි ඔවුන් තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 30.2කදී ශ්‍රී ලංකා කාන්තා කරණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් ලකුණු 106කට දවා ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් ලකුණු 35ක් ලබාගැනීම හර්ෂිතා සමරවික්‍රම සමත් වූ අතර චමරි අතපත්තු සහ හසිනි පෙරේරා ලකුණු 10 බැගින් ලබාගැනීමට සමත් වූ නමුත් සෙසු කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

එංගලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Mahika Gaur, Sarah Glenn සහ Lauren Filer කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වූ අතර Alice Capsey එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.

ලකුණු 107ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය ලබාගැනීමට සමත් වූවා.

එංගලන්තා කාන්තා කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් Emma Lamb ලකුණු 27කටත් Tammy Beaumont ලකුණු 32ක්ද Heather Knight ලකුණු 22කට දැවී ගිය අතර නොදැවී පන්දුවට පහර දුන් Mala Bouchier ලකුණු 17ක්ද් Nat Sciver-Brunt ලකුණු 2ක්ද ලබාගෙන සිටියා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් පන්දු යැවූ ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

තරගය පැවැත්වුණේ Chester-le-Street ක්‍රීඩාංගණයේදීයි.

තරගාවලියේ දෙවන තරගය සැප්තැම්බර් මස 12 වනදා එංගලන්තයේ Northmpton හිදී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content