ශ්‍රී ලංකාව තුල දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තාවනවා.
ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු නවතම වාර්තාවක මේ පිලිබඳ සඳහන් වන බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කලේ.
ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ ආදායම් කඩා වැටීම යනාදී හේතූන් මත මෙම තත්වය මතුව ඇති බව ලෝක බැංකුව සිය වාර්තාවේ සඳහන් කරනවා.

ලෝක බැංකුව පහළ මධ්‍යම ආදායම්ලාභී දරිද්‍රතා රේඛාව වන දිනක වියදම ඩොලර් 3.65 සීමාව සැලකිල්ලට ගෙන කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මේ අතර මේ වර්ෂයේදී දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ලක්ෂ දෙකකින්ද ලබන වර්ෂයේදී එම සංඛ්‍යාව ලක්ෂ තුනකින්ද වශයෙන් සුළු අගයකින් අඩුවිය හැකි බව ද එම බැංකුව පුරෝකථනය කරනු ලබනවා.

WhatsApp Group

Skip to content