ශ්‍රී ලංකාව තුල ජලභීතිකා රෝගය ඉහල යාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

නිදැල්ලේ හැසිරෙන සුනඛ ගහනය පාලනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම මෙයට හේතු වී ඇති බව සඳහන්.

නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව ලක්ෂ 60 කට අධික වීදි සුනඛයින් නිදැල්ලේ හැසිරෙන බවයි වාර්තා වන්නේ.

එම සුනඛයින්ට වඳ සැත්කම් කිරීමේ වැඩසටහන ද මේ වන විට අඩපණ වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

WhatsApp Group

Skip to content