ශ්‍රී ලංකාව මුහුණදුන් අදුරු සමය පළවා හැර අලෝකය පිරි සංවර්ධන මාවතකට ශ්‍රී ලංකාව ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දීපවාලි දින වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

රටක් ලෙස පසුගිය වසර දෙක තුළදී ඉතා අදුරු සමයකට ගත කළ බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

සශ්‍රිකත්වයේ පහන් එළි රටතුළ දල්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.

ඒ සදහා ජනවර්ග අතර සාමය සංහිදියාව හා සදාකාලික සහජීවනවෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි දිනය ආශිර්වාදයක් වේවායි ජනාධිපතිවරයා සිටි දීපවාලි පණිවුඩයෙන් ප්‍රාර්ථනා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content