දකුණු ආසියානු කලාපය තුළ ඉතා ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සපයන රටක් ලෙස අපේ රට හදුන්වා දිය හැකි බවත්, මෙම වර්ෂයේදී සෞඛ්‍ය සේවාව සඳහා රුපියල් බිලියන 410 ක මුදලක් රජය වෙන් කර දී තිබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා (10) මහනුවර ජාතික රෝහලේ කළමනාකරණ කමිටුව සදහා සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ මහනුවර ජාතික රෝහලට මේ වර්ෂයේ අවශ්‍ය උපකරණ පමණක් මිලදී ගැනීමට රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන් කර දී තිබෙන බවයි. එමෙන්ම මහනුවර රෝහලේ අවශ්‍ය ගොඩනැගිලි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 700 අධික මුදල් ප්‍රමාණයක් වෙන් කර දි තිබෙන බව ද පෙන්වා දුන් සෞඛ්‍ය ලේකම්වරයා   එහි ප්‍රගතිය විමසීමේදී  ඉතා හොද ප්‍රගතියක් ලබා තිබෙන බවත් පැවසීය.

WhatsApp Group

Skip to content