දිවයිනේ සිටින වෙළඳුන් ලියාපදිංචි කිරීම සඳහා දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 27 වන වගන්තියට අනුව සියලුම වෙළඳුන් පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු වනවා.

එහෙත් පසුගිය දශක දෙක තුළ එය නිසි ආකාරයෙන් බලාත්මක කර නොමැති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content