ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වුනා.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද පස්වරුවේ එම හමුව සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශික සබඳතා පිළිබඳව එහිදී දෙපාර්ශවය කරුණු හුවමාරු කරගෙන ඇති බව සඳහන්.

වර්තමානයේ වියට්නාමයේ ක්‍රමානුකූල නැගී සිටීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා එහිදී සිය සතුට පළ කර තිබෙනවා.

එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය ලබා ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී තානපතිවරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content