2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟා වලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට කටයුතු කළා.
ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් ලබා දීමටයි කටයුතු කරනු ලැබුවේ.
මෙම තරඟය ආරම්භයට පෙර සිට වර්ෂාව ඇදහැලුනු අතර, කාසියේ වාසිය හෝ උරගා බැලීමට හැකියාව ලැබුණේ නැහැ.
මෙලෙස තරඟය අතහැර දැමීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමද අහිමි වුණා.

WhatsApp Group

Skip to content