2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක් අත්විදීමට සිදුවුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැති තරගය කඩුලු දෙකකින් පරාජය වීමත් සමගයි.

බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 124ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු පැතුම් නිස්සංක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 47ක්.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශය පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 125ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

අවසන් පන්දුවාර දෙක තුළ දී ජයග්‍රහණය සදහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11ක් රැස්කළ යුතුව තිබුණා.

කෙසේවෙතත් දසුන් ශානක ක්‍රියාත්මක කළ 19 වන පන්දුවාරය තුළ දී එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

 

WhatsApp Group

Skip to content