ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා.

ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර ඊයේ දිනයේ ඩුබායිහිදී පැවති හමුවක් අතරතුරදී මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ .

පැරීසියේදී පැවති රැස්වීමකදී අදාළ තීරණය ගෙන ඇත්තේ  බවත්, ඉදිරියේදී රග්බි ලෝක කවුන්සිලය විසින් එම තහනම ඉවත් කිරීම නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවත් ඔහු පවසා තිබෙනවා.

ලෝක රග්බි සම්මේලනය විසින් පසුගිය මැයි මස 18වැනිදා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කරනු ලැබුවා.

ඒ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සඳහා එල්ල වන දේශපාලන බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර රග්බි නීති උල්ලංඝනය වී ඇති බව පවසමින් .

WhatsApp Group

Skip to content