ඉන්දියාවේ පවතී තුන් වන අන්තර්ජාතික ” රංග සේනා ” නාට්‍ය උළෙලේදී ”රංග නාට්‍ය ශාස්ත්‍ර ” නැමැති සුවිශේෂී ගෞරව සම්මානය හිමිකරගත් දේවින්ද වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.

මෙම නාට්‍ය උළෙල පසුගිය දෙවනද සිට හය වනදා දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පැවැත්වුනා.

එයට නේපාලය , ඉන්දියාව ,පකිස්තානය , ඉතාලිය යන රටවල නාට්‍යවේදීන් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබුනා .

මෙම නාට්‍ය 2015 වසරේ ජාතික යෞවන සම්මාන නාට්‍ය උළෙලේදී හොදම නාට්‍ය ලෙස ජයග්‍රහණය හිමි කර ගෙන ඇති අතර , 2017 රාජ්‍ය නාට්‍ය උළෙලේදී ඇගැයීමට ද පාත්‍ර වී තිබෙනවා.

දේවින්ද වික්‍රමසිංහ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කළාව පිළිබඳ බාහිර කතිකාචාර්යවරයෙකි .

WhatsApp Group

Skip to content