අප්‍රේල් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා .

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 8 කින් පමණ ශක්තිමත් වී ඇති බවයි.

රුපියලේ අගය ඉහළ යාම උද්ධමනය අඩු කිරීමට සහ සමස්ත ජීවන වියදම අඩු කිරීමට සහ විදේශ ණය ගෙවීමට පහසුවක් වනු ඇති බව සදහන් .

එමගින් ගෝලීය වශයෙන් මෙරට මූල්‍ය ශක්තිය පිළිබඳ විශ්වාසය වැඩි කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා .

WhatsApp Group

Skip to content