ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බවයි ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.

ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකික ජනගහණයෙන් සියයට 17ක් එනම් ලක්ෂ 39ක් මධ්‍යස්ථව ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවයි.

පසුගිය වසරේ ජූනි සහ ජූලි මාස සමඟ සංසන්දනය කිරීමේ දී එය මේ වසරේ සියයට 40ක අඩුවීමක් වනවා.

මේ අතර දැඩි ආහාර අනාරක්ෂිත භාවයට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද 66,000ක සිට 10,000දක්වා අඩු වී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content