චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වැනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා එරට පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැහැදිලි කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් චීනය සිය උපරිම සහාය ලබා දෙමින් සිටින බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට චීනය ඉදිරියේදී කටයුතු කරන බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content