ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ලබන වසරේදී සියයට 1.3 ක අගයක් ගනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව මෙම වසරේ ආසියානු කලාපයේ වර්ධනය සියයට 4.7 ක් දක්වා අඩු වනු ඇති බවටයි පුරෝකතනය කර ඇත්තේ.

ලබන වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 1.5 ක් ගනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සමස්ත දකුණු ආසියානු කලාපයේ අඩුම වර්ධනය ලෙසයි හඳුන්වා දී තිබුණේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රශත්සතකරණ වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව ලෙසයි අදාළ සාකච්ඡාව පැවැත්වෙනු ඇත්තේ.

WhatsApp Group

Skip to content