තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනය වූ අද පැවති තරගවලින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම් 2 ක් ජයග්‍රහණය කිරීමට නදීෂා ලේකම්ගේ සහ ගයන්තිකා අබේරත්න සමත් වුණා.

මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේදී ගයන්තිකා අබේරත්න විනාඩි 4 යි තත්පර 14 යි දශම 3 යි 9 ක කාලයක් වාර්තා කරගනිමිනුයි මෙම පදක්කම් හිමි කර ගනු ලැබුවේ.

එහි රන් සහ රිදී පදක්කම් හිමි වුණේ ජපානයටයි.

එමෙන්ම හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වේදි නදීෂා ලේකම්ගේ මීටර 60 යි දශම 9 යි 3 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට සමත් වුණා.

ඇය දැක් වූ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා වාර්තාවක් ද වනවා.

මේ අතර මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට තරග කළ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා හෙට දිනයේ පැවැත්වෙන අවසන් තරගය සදහා අද සුදුසුකම් ලබා ගත්තා.

 

WhatsApp Group

Skip to content