සංචාරක ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය වන නිමාවට පත් වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02ක් දැවී ලකුණු 53ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවෙනි ඉනිම සඳහා අද දිනයේදී ලකුණු 430ක ඉලක්කයක් හිව තිබෙනවා.

එංගලන්ත දෙවෙනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ජෝ රූට් ලෝඩ්ස් පිටියේදී මෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ එංගලන්තය වෙනුවෙන් මෙතෙක් වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වූ අතර, ඔහු ලකුණු 103ක් රැස් කර ගැනීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content