ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.

කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කර තිබෙනවා

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දුන් මූල්‍ය සහාය 2022 -2024 වසර වලදී අත්හිටුවා තිබූ අතර, එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහන පොලී ණය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ ආර්ථික වශයෙන් ඵලදායී වැඩසටහන් සඳහාද ඉදිරියේදී මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තු වන බවයි කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයින් එහිදී අවධාරනය කලේ.

WhatsApp Group

Skip to content