ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයෙන් කඩුළු 05ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 164ක්.

එහිදී නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 89ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 32ට කඩුළු 4ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 19ට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ ලකුණු 165ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

එහිදී අගනා ඉදිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක නොදැවී ලකුණු 62ක් සහ සදීර සමරවීක්‍රම ලකුණු 54ක් රැස් කළා.

පන්දු යැවීමේදී ශකීබ් අල් හසන් ලකුණු 29ට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා.

මෙම තරගාවලි ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට සමත් වුණා.

ඒ අඛණ්ඩව එක්දින ක්‍රිකට් තරග 11ක් ජයග්‍රහණය කරමින්.

මීට පෙර 2004 සහ 2013 යන වසර වලදී ශ්‍රී ලංකාව අඛණ්ඩය තරග 10 බැගින් ජයගැනීමට සමත්ව තිබුණා.

WhatsApp Group

Skip to content