සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය ලකුණු 198කින් ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඔක්ලන්ඩ් හිදි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 274ක් රැස් කළා.

ෆීන් ඇලන් ලකුණු 51යි. පන්දු යැවීමේදී චාමික කරැණාරත්න කඩුලු 04ක් බිදහෙළුවා.

පිළිතුරැ ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු පහක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 76ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු ඇන්ජලෝ මැතිව් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 18ක්.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වු හෙන්රි ශිප්ලි ලකුණු 31කට කඩුලු 5ක් ලබා ගත්තා.

WhatsApp Group

Skip to content