ශ්‍රී ලංකාවට එරෙහි කිසිදු යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමෙන් වැළකිය යුතු බව වෙනිසියුලාව පවසනවා.

ඔවුන් මේ බව පැවසුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල විවාදය අතරතුරදියි.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 54 වෙනි සැසිවාරය ආරම්භ කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සදහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ස්ථායි කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට තවදුරටත් උපකාර කළ යුතු බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දුගීභාවය තවදුරටත් ඉහළ ගොස් ඇති බවද ඇය එහිදි පැවසුවා.

WhatsApp Group

Skip to content