ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය කළ සැලසුම් නතර කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් විකුණා දැමීමට පසුගිය රජය සැලසුම් කර තිබුණා.

ඒ අනුව පෞද්ගලික ආයෝජකයෙකු ආකර්ශනය කර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පැවති ඩොලර් මිලියන 510 ක ණය රජයට පවරා ගැනීමටයි පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවේ.

කෙසේ වෙතත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොටස් විකුණා දමනවා වෙනුවට එහි කළමනාකාරීත්වය කාර්යක්ෂම කළ හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සොයා බැලීමටයි වත්මන් රජය තීරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content