කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දිනයේදීත් ප්‍රමාද වුණා.

මේ හේතුවෙන් ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකි වූ බව වාර්තා පළ වුණා.

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්ත්වයක් ඇති වන බවයි.

https://www.vnews.lk/storage/2023/06/DAYASIRI-JAYASEKARA-EDIT-.mp3?_=1

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/06/MANUSHA-NANAYAKKARA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content